brand logo

රනිල්ගේ ඡන්ද ප්‍රචාරක වැඩවල මුල් පුටුව සාගලට දෙනවාට විරෝධය

23 March 2019

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂක අගමැති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කළමනාකාරිත්වයට ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමති සාගල රත්නායක පත් කිරීමත් සමග එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. ගෙවුණු රාජපක්ෂ පාලන කාලයේ දී එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීමේ ප්‍රචාරාත්මක වැඩපිළිවෙළේ වැඩි දායකත්වයක් ලබාදුන් ඇමැති මංගල සමරවීරට ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩ කොටසෙහි වැඩි බරක් භාරදිය යුතු බවට එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත. සාගල රත්නායකට ප්‍රචාරක කළමනාකාර තනතුර ලබා දීමත් සමග එම පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරන අයෙක් මංගලට පවසා ඇත්තේ ඔහුගේ නමත් ඒ සඳහා නායකත්වයට යෝජනා කරන බවයි. එහෙත් ඊට ඇමැති මංගල සමරවීර විරෝධය පළකර ඇති බව වාර්තා වේ. සාගල සහ මංගල යන දෙදෙනාම මාතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීම නිසා මෙම අර්බුදය තවත් උග්‍ර වී ඇත. මධුභාෂණ හේරත්
 

More News..