brand logo

රනිල්ගේ ආර්ථික කළමනාකරණ කමිටුවෙන් ලැබුණු ප්‍රතිලාභ ගැන සොයන්න හඳුන්නෙත්තිගෙන් ජනපතිට ඉල්ලීමක්

25 December 2019

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන තිබූ ආර්ථික කළමනාකරණ කමිටුවෙන් රටේ ආර්ථිකයට ලැබුණු ප්‍රතිලාභ මොනවාදැයි යන්න සොයා බලන ලෙස මාතර දිස්ත්‍රික් (ජවිපෙ) මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී. රනිල් වික්‍රමසිංහගේ ‘කුස්සි කැබිනට්’ යනුවෙන් හැඳින්වූ මෙම ආර්ථික කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළේ මහජන නියෝජනයන් නොවන අය බවද ඔහු ප්‍රකාශ කරයි. මෙම කළමනාකරණ කමිටුව මගින් ජල සම්පාදන ව්‍යාපෘති, අධිවේගී මාර්ග ව්‍යාපෘති, මහා මාර්ග පුළුල් කිරීම් සහ ජල සම්පාදන ව්‍යාපෘති වැනි මහා පරිමාණ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවද ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියා, ටෙන්ඩර් කැඳවීම්, ශක්‍යතා අධ්‍යයනයන් කිසිවක් සිදුකර නැතැයිද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. මෙම ව්‍යාපෘති සඳහා පසුගිය වසර හතරහමාර තුළ විශාල ලෙස ණය ලබාගෙන ඇතැයිද එම ණය මගින් රටේ සමස්ත ණය බරට සිදුව ඇති බලපෑමද සොයා බැලිය යුතු බවද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ‘අරුණ’ට ප්‍රකාශ කළේය.
 

More News..