brand logo

රන්ජන් ටෙලිෆෝන් කෝල් රෙකෝඩ් කළ හේතුව පියුමි හෙළිකරයි (Video)

24 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හෙලිදරවූ වූ හඬ පට අතර ටෙලිනාට්‍ය හා සිනමා නිළියක වන පියුමි හන්සමාලි සමග කළ දුරකතන සංවාදය මහත් ආන්දොලනයට තුඩු දුන්නා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පියුමි සමග එක්ව ව්‍යාපාරිකයකුට ගෙවි යුතු ණය මුදලක් නොගෙනවා මග හරීම සඳහා බලපෑම් කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කරනවා. මෙම හඩ පටයට සමාජමාධ්‍ය හා ජනමාධ්‍ය ඔස්සේ පුලුල් ප්‍රචාරයක් ලැබුණු අතර පසුව අදාල ව්‍යාපාරිකයා මේ සඳහා දැක් වූ ප්‍රතිචාර හමුවේ පියුමි හන්සමාලි දිගු නිහඩතාවකට පත් වූ අතර රට හැර යාමේ සූදානමක් ඇති බවට ආරංචි පැතිර යනවා. මන්ත්‍රීවරයා සමග පැවැත් වූ දුරකතන සංවාදය හා ඉන්පසු ඇති වූ තත්ත්වයන් පිළිබඳ පියුමි හන්සමාලි සමග පිළිසඳරක යෙදීමට අපට හැකි වුණා. එම කතා බහේදී අදාල දුරකතන සංවාදය හා බැඳුණු මෙතෙක් හෙළි දරවූ නොවූ තොරතුරු රැසක් මේ විදිහට අනාවරණය වුණා. එම වීඩියෝව පහතින් නරඹන්න.... https://youtu.be/UeeW_LVfLb0
 

More News..