brand logo

කිරිඇල්ලගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට රන්ජන් ප්‍රකාශයක් ලබා දෙයි

22 February 2019

මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. කැබිනට් මණ්ඩලය තුළ කෝකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින්නේ යැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කියා සිටි අතර පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරුණි. එම කමිටුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විණි. ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර සහ ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන අතර කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙරවරු 9.30ට පැමිණ අතර පැයකට ආසන්න කාලයක් විමර්ශන කටයුතු පවත්වා ඇති බවට වාර්තා වෙයි.
 

More News..