brand logo

රන්ජන් කපාගෙන ගම්පහට පනින්නේ ආශු මාරසිංහ ලු

08 December 2019

පවුලේ අවුලක් නිසාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ එ.ජා.ප. සංවිධායකයින් සහ ජනතාව අතරින් වන ප්‍රතික්ෂේපවීම් නිසාත්, හරීන් ප්‍රනාන්දු ‘බදුල්ල’ හැර යාමට ගෙන ඇති තීරණය ගැනත් පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ‘කතාබහක්’ විය. ‘‘පහුගිය ජනාධිපතිවරණෙදි සජිත් වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියෙන් සිටි හරීන් බදුල්ලේ තියපු එකම එක රැලියකට විතරයි ආවෙ... බදුල්ල වගේ අපට වාසි සහගත දිස්ත්‍රික්කයක ඡන්ද හෝදල ම ඇරියෙ හරීන් තමයි...’’ එක්තරා මන්ත්‍රීවරයකු පැවසුවේ ය. ‘‘මෙතන ඕවා කතා කරන්න එපා... සජිත් නායකයා වුණොත්, එයාට ගම්පහින් ටිකට් එක දෙනවා... ජෝන් අමරතුංග යි, කරු ජයසූරිය යි දෙන්නාම ඊළඟ වතාවෙ එන්නෙ නැති නිසා තවත් කෙනකුට දෙන්නෙකුට ගම්පහින් එන්න චාන්ස් එක තියෙනවනෙ...’’ තවත් මන්ත්‍රීවරයකු පැවසුවේ ය. ‘‘හාමුදුරුවරුන්ගෙ ඉල්ලීමට රන්ජන්ටත් ටිකට් එක නොලැබුණොත්, ගම්පහින් තවත් කෙනකුට චාන්ස් එක ලැබෙනවා...’’ යැයි එක්තරා මන්ත්‍රීවරයෙකු කියද්දී, තවත් මන්ත්‍රීවරයකු කීවේ, ‘‘ඒක නං දැනටමත් ආශු මාරසිංහට බුක් වෙලා...’’ කියා ය.
 

More News..