brand logo

රන්ජන් එක්ක සංවාද කළ අය ගණනය ‌කෙරේ

20 January 2020

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පුද්ගලයන් කීදෙනකු සමග දුරකතන සංවාද පැවැත්වේ දැයි යන්න පිළිබඳව, කටහඬවල් (වොයිස් කට්) ආශ්‍රයෙන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මන්ත්‍රීවරයා ළඟ තිබී අත්අඩංගුවට ගත් දෘඪ තැටි (හාර්ඩ් ඩිස්ක්) ආශ්‍රයෙන් එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි. අධිකරණයෙන් ලබාදුන් නියෝග පරිදි මෙම පරීක්ෂා කිරීම් සිදුකළේය. මන්ත්‍රීවරයා ළඟ තිබී අත්අඩංගුවට ගත් දෘඪ තැටිවල දුරකථන ඇමතුම් දහස් ගණනක් පටිගත කර ඇති බවත්, ඒවා එකින් එක පරීක්ෂා කර පුද්ලයන් කී දෙනකු සමග දුරකථන සංවාද පැවැත්වූවේ දැයි යන්න සොයා බලන බවත් පැවසේ. මෙම කටයුත්ත සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..