brand logo

රන්ජන් අද අධිකරණය හමුවට

05 January 2020

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවටගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (05) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රන්ජන් රාමනායක මහතා ඊයේ (04) රාත්‍රීයේදි මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය. රන්ජන් රාමනායක මහතාගේ නිවස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී කල් ඉකුත් වූ ගිනිඅවි බලපත්‍රයක් සමග ගිනිඅවියක් සහ ඒ සදහා භාවිතා කරන මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් හා සැක සහිත ලේඛන කිහිපයක් සොයාගත් බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
 

More News..