brand logo

රන්ජන්ව පැදුරටම වැටෙයි

21 January 2020

නිදා ගැනීම සඳහා මට්ටයක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බන්ධනාගාර නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර ඇත. බන්ධනාගාරයෙන් ලබාදී ඇති පැදුරේ නිදා ගැනීමට නොහැකි බව මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ. එහිදී බන්ධනාගාර වෛද්‍යවරයා මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක්කර ඇත. මන්ත්‍රීවරයාට කිසිදු රෝග තත්ත්වයක් නොමැති නිසා මෙට්ටයක් ලබාදීමට වෛද්‍යවරයා අනුමත කර නොමැත. නිදා ගැනීමේදී පෙරවීම සඳහා මන්ත්‍රීවරයාට රෙද්දක් ගෙනවිත් දී ඇත. එයද සුදුසු තත්ත්වයේ නොමැති බව බන්ධනාගාර නිලධාරීහු පවසති. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ සී වාට්ටුවේ රඳවා ඇත. උදයජීව ඒකනායක
 

More News..