brand logo

රන්ජන්ව කරාපිටිය රෝහලේට රැගෙන එයි

19 June 2021

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමගි ජන බල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරීම සඳහා අද(19) උදෑසන කරාපිටිය රෝහල වෙත රැගෙන විත් තිබේ. බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඔහු රැගෙන ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ද පොලිස් ආරක්ෂාව තරකර තිබුණි. මේ වන විට ඔහු යළි අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
 

More News..