brand logo

රන්ජන්ට එරෙහි පැමිණිල්ලට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි නීතිපතිට නියෝග

12 June 2019

අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති දෙවැනි පැමිණිල්ලට අදාළව ඉදිරි මාසය ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට නියෝග කර ඇත. එම චෝදනා පත්‍රය මාසයක් ඇතුළත ගොනු කරන්නැයි අද (13) අධිකරණය නියම කල අතර ඉකුත් නොවැම්බර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා පළ කළ අදහස් වලින් ඒ මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව මෙම පැමිණිල්ල කැඳවා ඇත. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පැමිණිල්ල කැඳවා තිබේ.
 

More News..