brand logo

රන්ජන්ගේ හඬ පට හුටපටේ අධිකරණයට එල්ල වූ අපවාදයෙන් ගලවා ගැනීමේ වගකීම අගවිනිසුරු අතේ

10 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬපට හේතුවෙන් අධිකරණයට එල්ල වූ අපවාදයෙන් ගලවා ගැනීමේ වගකීම අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිෂන් සභාව සතු බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. අරලියගහ මන්දිරයේ පැවැති පුවත්පත් කතුවරුන්ගේ හමුවට ඊයේ (9 වැනිදා) එක්වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. වර්තමානයේදී ආන්දෝලනයට හේතුවූ හඬ පට නිකුත්වීම නිසා පසුගිය රජයේ දේශපාලනඥයන් අධිකරණයට කළ බලපෑම පැහැදිලි වන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. අධිකරණය ලබාදෙන තීන්දු තීරණ පිළිගැනීම පිළිබඳව ගැටලුවක් මතුව ඇති බවද මෙහිදී අවධාරණය කර සිටියේය. මෙම තත්ත්වය අවසන් කිරීමේ වගකීම අගවිනිසුරුවරයා සතු බව ප්රකාශ කළ අගමැතිවරයා ඒ පිළිබඳ තම අවධානය යොමු කර ඇති බවද කීය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල ප්රකාශ කළේ 19 වැනි ව්යවස්ථා සංශෝධනය හේතුවෙන් ඉහළ අධිකරණයේ විනිසුරුවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පියවර ගත නොහැකි බවයි. හිටපු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් යුත් කමිටුවක් පත්කර අගවිනිසුරුවරයාට මෙම ප්රශ්නය විසඳීමේ හැකියාව ඇති බව මන්ත්රීවරයා පෙන්වා දුන්නේය. උදයජීව ඒකනායක
 

More News..