brand logo

රන්ජන්ගේ හඬපටි දයාසිරිගේ බෑග් එකේ ?

26 January 2020

බදාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට ආවේ කළු පැහැති විශාල බෑගයක් එල්ලාගෙනය. ඒ දුටු ඇමති නිමල් ලාන්සා දයාසිරිගෙන් මෙසේ ඇසුවේය. ‘‘මොනවද ඇමතිතුමා මේ බරට බරේ උස්සාගෙන යන්නෙ...?’’ ‘‘එක පැත්තක තියෙන්නෙ රන්ජන්ගේ සීඩී... අනෙක් පැත්තේ තියෙන්නේ ඊටත් වඩා රහසිගත දෙයක්...’’ දයාසිරි කීවේය. ‘‘ඒ මොනවද ඒ...?’’ එවිට ලාන්සා ඇසුවේ ය. ‘‘මේකෙ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරන්න නියමිත ආසන සංවිධායකවරුන්ගේ ලේඛනය...’’ දයාසිරි උත්තර දුන්නේය. ‘‘ඒක නම් හරියි කියමුකෝ... හැබැයි රන්ජන්ගේ සීඩී තාම සභාගත කරලා නෑනේ... එතකොට ඒ ටික කොහොමද ඔබතුමාට ලැබුණේ... ඒ ගැන වෙනම හොයන්න වෙයි වගේ...’’ ඊට දයාසිරිගෙන් උත්තරයක් නොලැබුණු අතර අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් ‘විශාල සිනා හඬක’ ප්‍රතිචාරයක් ලැබුණි.
 

More News..