brand logo

රන්ජන්ගේ සිපගැනීම ගැන අයි.පී.ගෙන් ප්‍රශ්න කරන්න නියෝග

10 January 2020

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට ගිය මොහොතේ ඔහු විසින් ප්‍රසිද්ධියේම මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා සිප වැළඳ ගැනීම ගැන පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියෝග කර ඇත. වැඩ බලන පොලිස්පති චන්දන වික්රමරත්නගේ නියෝග මත බස්නාහිර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත. පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා විසින් මන්ත්රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට මාංචු දමන මොහොතේ ප්‍රසිධ්දියේම මෙම වැලඳ ගැනීම සිදුවිය. මෙහිදී ස්ථානාධිපතිවරයා ඊට විරුද්ධ නොවීම ගැන මෙම විමර්ශනය අරඹා ඇත. මන්ත්රීවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයා එක්වරම වැලඳගෙන ඇති බවත් යම් හෙයකින් ඔහු එතැනදී තල්ලු කර දැමීමට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේ නම් පාර්ලිමේන්තු වරප්රසාද කඩ කළ බව කියමින් මෙම නිලධාරියාට එරෙහිව මෙවැනිම විමර්ශනයක් සිදුකිරීමට තිබූ බවද ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..