brand logo

රන්ජන්ගේ දුරකථන සංවාද ලීක් වුන හැටි - ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියයි

08 January 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ ඇතුළත් සංයුක්ත තැටි සමාජගත වූ ආකාරය පිළිබදව ජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද හෙළිදරව් කරනු ලැබීය. අමාත්‍යවරයා මෙම හෙළිදරව්ව සිදුකරනු ලැබුවේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා.... මාදිවෙල නිවසේ ඉදලා පුද්ගලයෙක් අතදානවා ත්‍රිරෝද රථයකට, ත්‍රිරෝද රථයකට අතදාලා මොහු වාහනයක නැගලා යන ගමන්, ඔහු ජංගම දුරකථනයෙන් ඔහු කියනවා හැමදාම රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා එන්න කියනවා, ආවට වැඩක් නැහැ. අපිව රස්තියාදු කරලා යනවා. මෙයා ත්‍රිවීල් එකෙන් යනවා සිරිකොත පැත්තට. යනකොට ආපහු කෝල් එකක් එනවා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ඇවිල්ලා කියලා. ආ ආ මම එන්නම් කියලා මිනිහා වාහනෙන් ඉක්මනට බහිනවා. ත්‍රීවිල් එකෙන් බැහැලා මිනිහා සල්ලි ටික දීලා යනවා. ත්‍රිවීල් එකේ රියදුරා තව හයර් එකකට යනකොට. ත්‍රිවීල් එකට නගින පුද්ගලයෙක් කියනවා මේ බෑග් එකක් දාලා ගිහිල්ලා තියෙනවා කියලා. පස්සේ ත්‍රිවීල් එකේ රියදුරා බෑග් එක බලනකොට බෑග් එකේ ෆයිල් ගොඩක් තියෙනවා, තොරතුරු ගොඩක් තියෙනවා. ඒ නිසා එතුමා මේක ආපහු හරවගෙන එනවා මාදිවෙලට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස ගාවට මේ පුද්ගලයා ඉන්නවාද කියලා බලන්න. වටේම හොයලා බලනකොට ඒ පුද්ගලයා මේ ස්ථානයේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙන දේවල් බලනකොට, මේකේ තියෙනවා සී.ඩී. තැටි කිහිපයක්. ඒ වගේම පොලීසිවල නඩු වාර්තා බී රිපෝට් එහෙම තිබිලා. ඉතිං මේ රියදුරා මිරිහාන පොලීසියේ අයි.පී. ජයන්ත මහත්මයට භාරදෙනවා මෙහෙම පුද්ගලයෙක් රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාව හම්බවෙන්න දුරකථනයෙන් කතා කළා. ඔහු විසින් මේ සීඩි තැටි කිහිපයක් සහ මේ තොරතුරු ටික පිළිබදව සොයාබලන්න කියලා දීලා තියෙනවා. හැබැයි ඒ සී.ඩී. තැටි වලින් කිහිපයක් නොදැනුවත්ව මේ රියදුරු මහත්මයත් කිහිපයක් අරගෙන තියෙනවා. ඔක්කොම දීලා නැහැ. ඔහුත් මේ සී.ඩී. තැටි කිහිපයක් අරගෙන. මේක ඇතුලේ බරපතල දුරකථන සංවාද තිබිලා තියෙනවා.
 

More News..