brand logo

හඬ පට ගැන අද සිට විමර්ශන උසාවියට වාර්තාවක්

13 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬපට පිළිබඳව අද (13 වැනිදා) සිට විමර්ශන ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කළේ කෙටි කාලයක් ඇතුළත මෙම හඬපටවල සත්‍යතාව පිළිබඳ විමර්ශන සිදුකර අධිකරණය වෙත වාර්තාවක් ලබාදීමට නියමිත බවයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථනවල පටිගත කෙරුණු සංවාද ඇතුළත් දෘඩාංග තැටි (CD) තැටි සහ පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්න ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළේය. අපරාධ කොට්ඨාසය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ දෘඩාංග තැටි හා උපකරණ ලබාදී ඇත්තේ එම නියෝගයට අනුවය. මන්ත්‍රීවරයා සතුව තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගිනි අවියද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත විමර්ශන සඳහා භාරදී ඇත. නයන තරංග ගමගේ
 

More News..