brand logo

රදගුරු නිවසේ වැඩ කළ බාසුන්නැහේට කෝවිඩ්

09 October 2020

මන්නාරම රදගුරු නිල නිවාසයේ පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (09දා) දින තහවුරු වී ඇත. ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බව මන්නාරම පොලීසිය පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙක් වන අතර ඔහුට පැවති උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මන්නාරම රෝහලෙන් පසුගිය 07 වනදා ප්‍රතිකාර ලබා පී.සී.ආර්. පරික්ෂණයකට ද මුහුණ දී රෝහලෙන් පිටව ගොස් ඇත. පී.සී.ආර්. පරික්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කොට ඇති අතර එම වාර්තාවේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට මන්නාරම රදගුරු නිවසේ සිටි පියතුමන්ලා ඇතුලු සියලු පිරිස් නිරෝධායනයට ලක් කරමින් පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමු කොට ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පවසයි.
 

More News..