brand logo

රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

22 May 2021

2021 අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැකිය. කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ දඩ පත්‍රිකා වීමට ඇති දින 14ක කාල සීමාව ඉක්මවා ගිය ද අතිරේක දඩමුදලක් රහිතව එම මුදල ගෙවීමට හැකි බව තැපැල්පති, රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සහන කාලය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ
 

More News..