brand logo

රථවාහන වැරදි 7ක අවම දඩය 25000 දක්වා ඉහලට - ගැසට් පත්‍රය නිකුත්වෙයි

02 April 2019

රථවාහන වැරදි 7 කට අදාළ අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමේ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව වාහන ඇතුල් කිරීම වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවා නියුක්ත කිරීම මෙන්ම වමෙන් ඉස්සර කිරීම යන වැරදි ඊට ඇතුළත්ව ඇත. එමෙන්ම දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව වාහනයක් ඇතුලු කිරීම නව දඩයක් වන අතර, මීට අමතරව නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම, අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ලෙස අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම, ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය කිරීම යන වැරදි සඳහාද ඉදිරියේදී දඩ මුදල් වැඩි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
 

More News..