brand logo

රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2280ක් අත්අඩංගුවට

12 July 2019

දීවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2280ක් අත්අඩංගුවට ගෙන ඇත. බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර මෙම මෙහෙයුමේ දී ඊයේ(11) උදෑසන 6 සිට අද(12) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 243ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත. ඒ අනුව ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 2280කි.
 

More News..