brand logo

රතු සහ නිල් අද අවසන් සටනේ

15 August 2022

තරග ආරම්භය අද රාත්‍රී 7.30ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය එස්.එල්.සී. නිල් කණ්ඩායම සහ එස්.එල්.සී. රතු කණ්ඩායම අතර අද (15 වැනිදා) රාත්‍රී.7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. රතු සහ නිල් කණ්ඩායම් තරග 3ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 2ක බැගින් ජයගෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබේ. මෙම තරගය සඳහා සහභාගී වන 'නිල්' කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ධනුෂ්ක ගුණතිලක අවසන් මහා තරගය සඳහා සහභාගි නොවන බවට වාර්තා වන අතර ඔවුන් අසනීප තත්ත්වයෙන් පසුවීම ඊට හේතුවේ. ඒ අනුව ධනංජය ද සිල්වා මෙම තරගයේ නායකත්වය උසුලනු ඇත. එස්.එල්.සී. රතු – කුසල් මෙන්ඩිස් (නායක) ලසිත් කෘaස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ලහිරු මධුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, සහන් ආරච්චිගේ, අසිත ප්‍රනාන්දු එස්.එල්.සී. නිල් – ධනංජය ද සිල්වා (නායක) සිතාර ගිම්හාන්, ලහිරු උදාර, සදීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, ලහිරු සමරකෝන්, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම
 

More News..