brand logo

රත්‍රරන් පවුම් 43ක් කොල්ලකෑ කංජිපානිගේ ගෝලයෙකු අත්අඩංගුවට

20 March 2020

ආදුරුප්පු වීදිය ප්‍රදේශයේදී පසුගිය 14 වැනිදා පිහියක් පෙන්වා කාන්තාවක් බියගන්වා පවුම් 43 1/2ක් බරැති රැපියල් 3,265,500ක් වටිනා රත්‍රරන් සොරාගත් සැකකරු ආදුරුප්පු වීධිය පොලීසිය විසින් ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි ඒකල ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සොරාගත් රන්භාන්ඩ වලින් කොටසක් රුපියල් ලක්ෂ එකොලහකට හෙට්ටි වීදිය ප්‍රදේශයේ රත්‍රන් උගස් මධ්‍යස්ථානයකට උගත් තබා තිබියදී සොයාගෙන තිබේ. ඉතිරි රන්භාණ්ඩ සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලීසිය පවසති. අත්අඩංගුවට ගත් සැකකරු කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකල අයෙකු බව විමර්ශන වලදී හෙළිවී තිබේ. ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ කංජිපානි ඉම්රාන් හට මත්ද්‍රව්‍ය මිලදී ගත් රුපියල් ලක්ෂ එකොලහක් දීමට ඇති බැවින් සොරාගත් රන්භාණ්ඩ කොටසක් උගස් කර එම මුදල් නුවර ප්‍රදේශයේදී කංජිපානිගේ ගෝලයෙකුට ලබාදුන් බවකි. එසේ මුදල් ලබාදීමට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ ණය මුදල් ලබා නොදුනහොත් තම මව මරාදමන බවට කංජිපානි තර්ජනය කළ බවකි. ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසිංහ විසින් ඉදිරි විමර්ශන සිදුකරයි. හේමන්ත ලියනපතිරණ
 

More News..