brand logo

රත්මලාන ගුවන්තොටුපොළ ප්‍රවර්ධනය කරන බව සඳහන් කරයි

11 April 2021

රත්මලාන ගුවන්තොටුපළ ප්‍රවර්ධනය කරමින් එය විනෝදාස්වාද ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට පියවරගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මේ අනුව විනෝදාස්වාදජනක ගුවන් ගමන්, විවාහ උත්සව ගුවන් ගමන් ඡායාරූප, නාට්‍ය හා සිනමාකරණයට අදාළ ගුවන් ගමන් සඳහා රත්මලාන ගුවන් තොටුපොළ ප්‍රවර්ධනයට නියමිතය. මිට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සඳහා ද රත්මලාන ගුවන්තොටුපොළ ඉලක්ක කරගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එසේම ඉහළ ආදායම් ලබන පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීමට එමගින් අපේක්ෂා කෙරෙන බව ද පැවසෙයි.
 

More News..