brand logo

රත්මලානේදි සජිත්ට ගල් ගහයි

30 September 2020

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ ජනහමුවකට කිසියම් පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (29) රාත්‍රීයේ රත්මලාන ප්‍රදේශයේ පැවැති මෙම ජනහමුවේදී විපක්ෂනායකවරයා ජනතාව අමතමින් සිටියදී වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත. එම අවස්ථාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ "ගල් ගැහුවට මම යන්නේ නෑ. ප්‍රශ්නයක් නැහැ මිත්‍රවරුනු බයවෙන්න එපා. ගල් ගැහුවැයි කියලා මම යන්නේ නෑ. අපි කවුරුත් දන්නවා මේ රත්මලාන ප්‍රදේශයේ කවුද දේශපාලනය මෙහෙය වන්නේ, මදාවියන්ට බයේ මම ඉන්නේ නෑ. ඒ නිසා මම ඕන දේකට, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. මම කිසිසේත්ම බියට පත්වන්නේ නෑ. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ජනහමුව ඇමතමෙන් පසුව නික්ම ගොස් තිබේ.
 

More News..