brand logo

රත්නාවලි බාලිකාවේ සිසුවියකට කොවිඩ්

12 October 2020

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වෙයි. මේ බව එම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් එම විද්‍යාලයට දැනුම්දී තිබේ. මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හලෙහි සේවය කරන අතර ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත. එම හේතුවෙන් දියණිය PCR පරීක්ෂණයට භාජනය කිරීමේ දී මැයටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඇය සමග අධ්‍යාපනය ලබන 12ශ්‍රේණියෙහි සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක් කිරීම පිණිස එම සිසුවියන්ගේ තොරතුරු ලබා දීමට විදුහල පියවර ගෙන ඇත.
 

More News..