brand logo

රත්නපුර රෝහලේ සිව්දෙනෙකුට කොරෝනා

17 January 2021

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ කාර්ය මණ්ඩලයේ අහඹු ලෙස සිදුකළ ක්ෂනික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී මෙම ආසාදිතයින් හදුනාගත් බවයි. රෝහලට ඇතුළත් කරන රෝගීන් දිනපතා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කරන බව වාර්තා වේ. මෙලෙස හදුනාගත් එම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 

More News..