brand logo

රත්නපුරයේ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ අටදෙනෙකු අත්අඩංගුවට

25 August 2019

රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් ඔස්සේ සංවිධාන කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අත්අඩංගුවට ගෙන තඇත. මෙම වැටලීමේදී අයිස්, හොරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් 5 දෙනෙකු සහ තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 795ක්, හෙරොයින් මිලිග්‍රෑම් 345ක් සහ ගංජා මිලිග්‍රෑම් 4540ක් සොයාගෙන ඇති අතර ඔවුන් රත්නපුර අවට ප්‍රදේශවලම පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
 

More News..