brand logo

රත්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

08 June 2021

මාතලේ රත්තොට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් අද (08) පුද්ගලයෙකු ජීවිතක්ෂය පත්වී තිබේ. මියගිය පුද්ගලයා වෙනත් පුද්ගලයෙකුගේ ගම්මිරිස් වගා කර තිබු ඉඩමකට අනවසරයෙන් ඇතුළු තිබෙන බවත්, අනතුරුව ඉඩම්හිමියා විසින් වෙඩි තබා ඇති බවත් වාර්තාකරු සඳහන් කර ඇත. අනතුරුව වෙඩි තැබූ පුද්ගලයා ගිනිඅවිය ද සමඟ පොලීසියට භාර වී තිබෙන අතර ඔහු එහිදී පොලීසියට සඳහන් කර තිබෙන්නේ තම ඉඩමට “වල් ඌරෙකු“ පැමිණියේ යැයි සිතා එම වෙඩි තැබීම සිදුකල බවය.
 

More News..