brand logo

රත්තරංට ඇප

05 March 2020

චින ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි වීරසිංහ ආරච්චිගේ ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් දෙදෙනා එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කළාය. සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇත. දූෂණයට ලක්වු බව කියන චීන ජාතික කාන්තාව 2018 වසරේ ලංකාවට පැමිණ ඇති අතර ඇය පළමුවන සැකකාර මන්ත්‍රිවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරව ඇත. මන්ත්‍රිවරයා සහ ඔහුගේ රියදුරු එම නිවසට ගොස් අඹු සැමියන් ලෙස හැසිරි ඇති අතර උණවටුන රූමස්සල ප්‍රදේශයේ පැවති සාදයකටද සහභාගි වි ඇත. මේ අතර ඇය 2019 මැයි 3වනදින ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණ තමන් එම දෙදෙනා සමග අඹු සැමියන් ලෙස හැසිරුණේ කැමැත්තකින් නොවන බවට පැමිණිල්ලක් කර තිබේ.පසුව පොලිසිය 2019 මැයි 6වනදින අධිකරණයට කරුණු වාර්තාකොට විමර්ශණ අවසන්කර එහි උද්ධෘත නිතිපති වරයා වෙත යවා ඇත. ඒ අනුව නිතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනො මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි. වැඩිදුර විභාගය සදහා නඩු ලබන 18වනදිනට කල් තබන ලදී.
 

More News..