brand logo

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 17දෙනා 22දක්වා රක්ෂිත බන්ධනාගාරයට

08 April 2019

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 22 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙය වන අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කර ඇත. ඇය ප්‍රකාශ කරන ආකාරයට සියලුම සැකකරුවන් මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. අසේල මංජුල කුමාර සහ රසික චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබේ.
 

More News..