brand logo

රත්ගම නඩුවේ විත්තිකරුවන් හය දෙනෙකෙුට මරණ දඩුවම

19 February 2020

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කල දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් හය දෙනාටම අද (19) මරණිය දණ්ඩණය නියම කළේය. මෙසේ මරණිය දණ්ඩණය නියම වුයේ මාවඩවිලගේ නිලුක්ෂ මධුශාන් ජයලත්,හලු කීර්ති දිනේශ් කුමාර,යද්දෙහි නිසල් චන්දන, දඩල්ලගේ ගයාන් සම්පත්, දේනෙත්ති අනුර ප්‍රියන්ත,අගම්පොඩි ඉන්දික ප්‍රසාද් කුමාර විත්තිකරුවන් හය දෙනාටය. රත්ගම පොලිස් වසමට අයත් කටුදම්පේදි 2011 ජනවාරි 29වනදින දෙහිගහගේ ගයා චමින්ද නමැති 30හැවිරිදි දෙදරු පියාට යකඩ පොලුවලින් පහරදි ඝාතනය කිරිම, එම ක්‍රියාකලාපයේදිම කස්තුරි ඇල්සන් යන අයට පහරදි තුවාල සිදු කිරිම අයුතු ජනරාශියක සාමාජිකයින්විම ඇතුලු අධි චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබින. සිද්ධියවු දින රාත්‍රි නමයයි පහට පමණ මියගිය අයගේ නිවස ඉදිරිපිට පිරිමි ළමයින් තිදෙනෙකු ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එම අවස්ථාවේ මියගිය අය එලියට පැමිණ ආරවුල නතරකල ඇති අතර පසුව ත්‍රි රෝද රථයකින් පැමිණි විත්තිකරුවන් මියගිය අයට යකඩ පොලුවලින් පහරදි ඔහුගේ සීයාටද තුවාල සිදුකර ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ පැමිණිල්ලේ සාක්කි අනුවත් මියගිය අයගේ තුවාල පිළිබඳව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අනුවත් විත්තිකරුවන් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ල විසින් ඔප්පුකර ඇති බවය. 1,3,4විත්තිකරුවන් වෙනුවෙන් ශ්‍රිමාල් විජේසේකර ,කසුන් ගුණරත්න යන මහත්වරුන්ද 2සහ5 විත්තකරුවන් වෙනුවෙන් රජයෙන් පත් කල චින්තා ජිවන්ති අතුකෝරල ,පිණිපා ප්‍රසාදිනි යන නිතිඥ මහත්මින්ද පෙනි සිටි අතර රත්ගම පොලිසිය වෙනුවෙන් සැරයන් තිසරසේන(28019) මහතාද පෙනි සිටියේය.   යූ.එම්.තිලකරත්න - ලබදූව, ගැමුණු චන්දුලාල් - ගාල්ල, රවි ලියනගේ - හිනිදුම
 

More News..