brand logo

රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා 22 වනදා දක්වා යළි රිමාන්ඩ්

08 November 2019

රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 22 වන දා දක්වා යළිරක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එලෙස බන්ධනාගාරගත කෙරුණේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 15 දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුය. පසුගිය ජනවාරි 23 වන දා රත්ගම, බුස්ස රත්නඋදාගම පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසික් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..