brand logo

රත්ගමින් තවත් පාතාලයක් හිස ඔසවයි

10 May 2020

දකුණේ මත්කුඩු ජාලය සමග පාතාල කල්ලි යළි හිස එසවීමට පටන් ගෙන ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. එයට නායකත්වය දෙන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. එම ප්‍රාදේශීය දේශපාලනඥයා පාතාල ප්‍රබලයකු වන රත්ගම විදුරගේ ළඟම ඥාතියෙකු බව හඳුනාගෙන ඇත. රත්ගම විදුර දැනට පදිංචිව සිටින්නේ ඉතාලියේය. මෙම හිස ඔසවන්නට යන පුද්ගලයා ප්‍රාදේශීය දේශපාලනඥයකු ලෙසින් තම බලය පෙන්වමින් කොකේන්, හෙරොයින්, කේරළ ගංජා බෙදාහරිමින් සිටින බවද හෙළි වී ඇත. රත්ගම කේන්ද්‍රකරගෙන දකුණේ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙහෙය වූ රත්ගම ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයා තමන් පෝෂණය කළ පාතාල කල්ලි අතින්ම වෙඩි කා මියගියේය. ඔහුගෙන් හිස් වූ දේශපාලන පාතාලය යළිත් වසර හතකට පසුව හිස ඔසවන්නට පෙර කී ප්‍රාදේශීය දේශපාලනඥයා පාතාල කල්ලිවල සගයන් රැස්කරමින් විවිධ අපරාධවල නිරතවන බව හෙළි වී ඇත. මොහු විදේශික කාන්තාවන් කණ්ඩායමක් ලංකාවේ තබාගෙන හෝටලයක් කරගෙන යන බවද අනාවරණය වේ තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..