brand logo

රතන හිමි අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ නැහැ

23 August 2020

අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි, පැහැරගත් බවට කර ඇති පැමිණිල්ල කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී ඊයේ (22) විභාගයට ගෙන තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වසන රාජගිරිය සදහම් සෙවණ විහාරස්ථානයට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු පිරිසක් පැමිණි නමුත් රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැහැ. අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රතන හිමියන් දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ අද දිනයේ උන්වහන්සේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණෙන බවට එකඟ වී ඇති බව වාර්තා වේ. නමුත් අද (23) පෙරවරු 9.00ට පමණ වෙදිනිගම විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධිකරණ ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණියත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එම අවස්ථාවට පැමිණ නැහැ. නියෝජය පොලිස්පති කාර්යාලයෙන් ඉවතට පැමිණි වෙදිනිගම විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධිකරණ ලේකම් හිමියන් පැවසුවේ රතන හිමියන් විසින් විමර්ශණ නිලධාරියාට ඇමතුමක් දී පස්වරුවේ ප්‍රකාශයක් ලබාදෙන බව පවසා ඇති බවයි .
 

More News..