brand logo

රතන හිමිට සහාය දක්වා හැටන් නගරයේ පාගමනක්

03 June 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන් වහන්සේට සෙත් පතා ආශිර්වාද පුජාවක් පවත්වනු ලැබුවා. මෙම පාගම සහ ආශිර්වාද පුජාව හැටන් නිග්‍රෝධරාම විහාරස්ථානයේ විහාරධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රාස්ත්‍රපති මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ආරම්භ කල පාගම හැටන් නගර මධ්‍යය හරහා හැටන් පුංචි බෝධිය වෙත ගොස් බොධිය අසලදි අතුරුලියේ රතන හිමියන්ට සහ මඩකලපුවේ උපවාසයට සහයෝගය දක්වන පිරිසට සෙත් පතා ආශිර්වාද පුජාවක්ද පවත්වනු ලැබුවා. මෙම පාගමනට හැටන් ප්‍රදේශයේ බෞද්ධ , හින්දු සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසක්ද සහභාගි වි සිටියහ. පාගම හැටන් නගර මධ්‍යයෙන් ගමන් කරන අවස්තාවේ වෙළදසැල් වසා සහයෝගය දක්වනු ලැබුවා . හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..