brand logo

රට සාමන්‍ය තත්ත්වයට ගේන්න හෙට වුනත් පුළුවන්

19 April 2020

රටේ ජනතාව මෙතරම් ව්‍යවසනයකට මුහුණ දී තිබෙද්දී  සමාජ මාධ්‍ය ජාලා හරහා වැරිදි අසත්‍ය තොරැතුරැ නිකුත් කරනවා  නම් ඒක රටකට කරන මහා අපරාධයක්. එවැනි ත්ත්වයකදී  මමද කවුද කියලා වැඩක් නැහැ තරාතිරම නොබලා ඒ අයට විරැද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා යැයි කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂන, සෙඛ්‍ය, අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙරේදා 18දා හෝමාගම මූලික රෝහලේදී පැවසුවාය. උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපක්සි බෙද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමිපාණන් විසින් පරිත්‍යාග කළ මිලියන පනහකට අධික උපකරණ තොගයක් හෝමාගම  මූලික රෝහලට  බෙදා දීමට පැමිණි අවස්ථාවේදීය. ඒ මහත්මිය එසේ පැවසුවාය. හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇදන් ඇතුළු මිලියන 50කට  අධික උපකරණය තොගයක් එසේ පරිත්‍යාග කරනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ , මේ අවස්ථාවේදී කවුරැන්හෝ වැරදි තොරතුරැ ජනතාව නොමග යවන  තොරතුරැ දෙනවා නම් රටක් විදියට මේ වෙලාවේ රටේ ජනතාව වෙනුවෙන් අපිට  ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා.  ඒක මේ රටේ ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ගයක් මොකද මෙවැනි ජීවිත ලක්ෂ ගණන් මැරෙද්දි  මිලියන ගණන් රෝගීන් බවට පත්වෙද්දි  මුළු ලෝකයේම දියුණුම රාජ්‍යයන් විසින්  ඔවුන්ට මේ කටයුත්ත පාලනය කරන්න බැරි වෙච්ච තත්ත්වයකදි  අපි රටක් විදියට  බොහොම අමාරැවෙන් මුලු රටේ සියලුම දෙනාම එකතුවෙලා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්  මෙය මර්ධනය කරමින් යන්නේ ඒ වගේ වෙලාවක ජනතාව කළඹන නොයෙකුත් බොරැ තොරතුරැ වැරදි තොරතුරැ සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් කරනවා නම් ඒක රටකට කරන මහා අපරාධයක්. එවැනි ත්ත්වයකදී  මමද කවුද කියලා වැඩක් නැහැ තරාතිරම නොබලා ඒ අයට විරැද්ධව කටයුතු කරනවා මොකද නොමග යවන්නේ අහිංසක ජනතාව. ඒ නිසා මේ වෙලාවේ හැමෝම ජාතික යුතුකම ඉටුකරන්න ඕනේ. කොවිඩ් 19 රෝගය මහජනතාව අතර ව්‍යාප්ත වන රෝගයක්  ලෙස ලංකාවේ නැහැ  ඒ කියන්නේ මහ ජනතාව අතර බෝවීම ලංකාවේ සිදුවන්නෙ නැහැ ඒ නිසා දැන් රට සාමන්‍ය තත්ත්වයට ගේන්න හෙට වුනත් පුළුවන්.  අපි මුලින්ම දෙමව්පියෝ දරැවෝ රකිනවා වගේ රටේ ජනතාවගේ සෙඛ්‍ය ප්‍රථමයෙන්ම රැක්කා. එතකොට අපි බැලුවේ මේ රෝගයේ ව්‍යාප්ත වුනාම මර්ධනය මර්ධනය කරන්න අමාරැයි. ඒ නිසා ව්‍යාපත්වීම වලක්වාගන්න ගතහැකි සියලුම ක්‍රියාමාර්ග රටක් හැටියට අපි ගත්තා. හැබැයි මේ රෝගය මහ ජනතාව අතර ව්‍යාප්තිය නැත්නම් අපිට රෝගීන් හම්බවෙන්නෙ නිරෝධායනය කරපු කදවුරැ වලින් සහ අපේ ආරක්ෂණ පද්ධතිය ඇතුලතින් නම් මහ ජනතාව අතර මේ රෝගය ව්‍යාප්ත වී නැත්නම් දැන් අපිට අපේ ආර්ථිකය ගැන හිතන්න වෙනවා. රටක ආර්ථිකය කියන්නෙ කෘෂිකර්මාන්තය ඒ වගේම නොයෙකුත් අංශ වල සේවා සපයන අංශ ඒ වගේම කර්මාන්ත රජයේ ප්‍රධාන ආයතන සුළු , මධ්‍ය හා මහ පරිමාන ව්‍යාපාර අපනයනය කරන කර්මාන්ත ශාලා. මේ සෑම අංශයක්ම අද වැහිලා අද රටක් විදියට ආර්ථික වශයෙන් විශාල අසරණ තත්ත්වයක තියෙන්නෙ. මේ රටේ ආර්ථික ක්‍රියාවලිය නැවත පටන් ගන්න ඕනේ. මිනිස්සු හම්බකරන්න ඕනේ පරිභෝජනය කරන්න ඕනේ. සියලුම කර්මාන්ත පටන් ගන්න ඕනේ. කෘෂිකර්මාන්තය, අපනයනය සහ  මේ කර්මාන්ත සේවාවන්  නවත්තලා ආර්ථිකය ගොඩගන්න බැහැ. මහජනතාව අතර මේ රෝගය පැතිරෙන්නෙ  නැත්නම් දැන් රට විවෘත කළයුතු යැයි පැවසුවාය. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, නවෝද්පාදන, සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි, යන මහත්වරැඇතුළු පිරිසක් සහභාගී වූහ
 

More News..