රට විශාල ණය උගුලක හිරවෙනවා
18 November 2020
රට විශාල ණය උගුලක හිරවෙනවා
18 November 2020
අයවැය හිඟය පියවා ගැනීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ තවත් රුපියල් බිලියන 3000ක ණය ලබා ගැනීම බවත්, මෙමගින් රට විශාල ණය උගුලක සිරවීම පමණක් සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණ පැවැසීය.
ඊයේ (17 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2021 වර්ෂය වෙනුවෙන් වූ අයවැය යෝජනා පිළිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
‘‘මේක සුපුරුදු ණය අර්බුදයේ තවත් හිරවීමක් තමයි. වැටිල තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ජනතාවට ගොඩඑන්න මගක් මේකෙ නැහැ. අයවැය ආදායම සහ වියදම පියවගන්න යෝජනා කරල තියෙන්නේ ණය ගැනීමේ යෝජනාව වැඩි කිරීම. අලුතින් බිලියන තුන්දාහක් ඒ කියන්නේ ට්‍රිලියන තුනක් ණය ගන්න යෝජනා කරලා තියෙනවා. දෙදාස් විස්සෙත් බිලියන දෙදාහක් ණය ගත්තා. එතකොට මේ අවුරුදු දෙකට විතරක් මේ ආණ්ඩුව ට්‍රිලියන පහක් ණය ගන්නවා. රටේ ණය බර දැනටමත් ට්‍රිලියන දහතුනයි දශම දෙකක්. මේකත් එක්ක ඒ ණය බර තවත් වැඩිවෙනවා.
මේ අයවැයේ ප්‍රධාන හරය වෙලා තියෙන්නේ වියදම් පියවගන්න අලුතින් ණය ගැනීම විතරයි. අලුතින් ණය ගන්න එකයි සල්ලි අච්චුගහන එකයි හැරෙන්න වෙන මොකක්වත් නැහැ’’
නයන තරංග ගමගේ