brand logo

රට රැකියාවලට යන අයට රජයේ තැන්පතුවක් සහිත ගිණුමක්

17 June 2020

විදේශ රැකියා අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රේෂණ තැන්පතු ගිණුමක් රජයේ මූලික තැන්පතුවක් සහිතව හඳුන්වා දීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සූදානම් වේ. මේ සඳහා රුපියල් මිලියන පනහක මුදලක් රජය වෙන් කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී විදේශ ගතවීමට සූදානම් වන ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගනිමින් ඔවුන් වෙනුවෙන් වෙන්වෙන්ව ගිණුම් විවෘත කර රජය විසින් එම ගිණුම්වල මූලික මුදලක් තැන්පත් කෙරෙනු ඇත. සංක්‍රමණිකයන් වෙනුවෙන් විවෘත කෙරෙන මෙම ගිණුමකට රජය ඇමෙකානු ඩොලර් පහක මුදලක් තැන්පත් කරන අතර අදාළ ගිණුම විවෘත කරන වාණිජ බැංකුවද තවත් ඩොලර් පහක් එම ගිනුමේ තැන්පත් කිරීමට යෝජිතය. එම තීරණයට වාණිජ බැංකු ගණනාවකම එකඟතාව පළ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා සහ කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන විසින් කරන ලද යෝජනාවකට අනුව සකස් කෙරුණු මෙම ව්‍යාපෘතියට විදේශ සේවා නියුක්ති කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. නයන තරංග ගමගේ
 

More News..