brand logo

රට බඩු නිසා නැග්ග අල-ලූනු බහී

27 December 2019

ගෙවුණු සතියේ ඉහළ ගොස් තිබුණු අල, බීලූනු හා රතුලූනු මිල යම් මට්ටමකට පහතට වැටී ඇති බව හතරවන හරස්වීදියේ වෙළෙඳ සංගමය පවසයි. ඒ අනුව පකිස්තානයෙන් ආනයනය කළ බී ලූනු කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 105 - 110 ත්, තුර්කි බී ලූනු රුපියල් 100-105ත්, ඊජිප්තු ලූනු රුපියල් 90 කටත් යුරෝපයෙන් ආනයනය කළ කහ පැහැති බී ලූනු රුපියල් 70 ක තොග මිල දක්වාත් පහත වැටී ඇත. පසුගිය සතියේ කිලෝ ග්‍රෑමයක් රුපියල් 600 කට අලෙවි වූ රතුලූනු මිල රුපියල් හාරසිය පනහක් දක්වාද පහත වැටී තිබේ. ඊට අමතරව රුපියල් 50 ක්ව පැවති අර්තාපල් බද්ද රුපියල් 25 කින් අඩු කිරීමෙන් 170 කට පැවැති අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 120 ක් දක්වා පහත වැටී ඇත. චමින්ද සේනාරත්න
 

More News..