brand logo

රට පුරා වන අලි උවදුර මඩින්න සිවිල් ආරක්ෂක සෙබළුන් දෙදහසක්

03 December 2019

දිවයින පුරා වන අලි උවදුර පවතින ප්‍රදේශවලට සිවිල් ආරක්ෂක සෙබළුන් දෙදහසක් යෙදවීමට ජනාධිපතිගේ අනුමැතිය ලැබී ඇති බව වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පවසයි. රටේ වන ඝනත්වයට සාපේක්ෂව වන අලි සිටිය යුත්තේ තුන්දහසක් පමණකි. එහෙත් වන අලි හයදහසකට වැඩි පිරිසකට වැඩි පිරිසක් සිටීම නිසා අලි මිනිස් ගැටම උග්‍ර වී ඇති බව හෙතෙම පවසයි. ගම්වල පමණක් නොව කැකිරාව මරදන්කඩවල හා A9 මාර්ගය ආශ්‍රිත අලි ගහනය බහුල වීම හේතුවෙන් වාහනවලට හානි කිරීම, වගා හානි, මිනිස් ජීවිත අහිමිවීම් ආදිය සුලභව දකින්නට ඇත. මෙයට පිළියමක් වශයෙන් අලි උවදුර බහුල ප්‍රදේශවලට සිවිල් ආරක්ෂක සෙබළුන් යෙදවීමටත් අක්‍රියව පවතින අලි වැටවල් සක්‍රිය කිරීමටත් අලුතෙන් අලි වැටවල් ඉදිකිරීමටත් කටයුතු කෙරේ. පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අලි තර්ජනය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම සඳහා එම ගැමියන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය. පලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අදාළ රාජ්‍ය නිලධාරීන් ගොවි සංවිධාන නියමුවන් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම සාකච්ඡා පැවැත්විණි. චින්තක තිලකසිරි - මඩාටුගම  
 

More News..