brand logo

රට පුරා රතු කැකුළු, සුදු කැකුළු, නාඩු නැහැ

18 January 2020

රටපුරා සුදු කැකුළු, රතු කැකුළු හා නාඩු සහල්වල හිඟයක් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තත්ත්වය මත එම සහල් වර්ගවල මිල රුපියල් සියය ඉක්මවා ඇති අතර සුදු කැකුළු සහල්වල මිල රුපියල් එකසිය දහයකටත් වඩා වැඩි බව වාර්තා වේ. මේ දිනවල වෙළෙඳපොළට වැඩි වශයෙන් කීරි සම්බා සහල් සහ සම්බා සහල් පමණක් නිකුත් වන නිසා මෙසේ අනෙක් සහල්වල මිල ඉහළ යාමට හේතුවී තිබේ. ප්‍රධාන පොළේ සහල් මෝල්වලින් කරන ලද විමසුමක දී එහි ප්‍රකාශකයන් පැවසුවේ තමන් ළඟ මේ වන විට පවතින්නේ කීරි සම්බා වී පමණක් බවයි. චමින්ද සේනාරත්න
 

More News..