brand logo

රට පුරා ආයුර්වේද රෝහල් 50ක් කොරෝනා ප්‍රතිකාර සඳහා

23 May 2021

මෙරට ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව පවසයි. අද (23) පැවැති විශේෂ සාකච්ඡාවක දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම තීරණය සඳහන් කර ඇත. මේ අනුව ආර්යුවේද රෝහල් කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කිරීම තුලින් ඇඳන් 3,500ක සංඛ්‍යාවක් ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගත හැකිය. එබැවින් එම කාර්යය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමටත් , ආර්යුවේද රෝහල්වල සේවය කරන සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා කොරෝනා ප්‍රතිකාර සේවාවන් පිළිබඳව විදිමත් පුහුණුවක් ලබාදීමටත් අද පැවැති සාකච්ඡාවේ දි තීරණය වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 

More News..