brand logo

රට ඉදිරියට ගෙන යන්න සියලුදෙනා නව රජයට සහාය දිය යුතුයි - මෛත්‍රී

11 December 2019

මෙරටේ ප්‍රධානතම ගැටළුව වන දුගී බව තුරන් කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ නව රජයට සියලුදෙනාම සහයෝගය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ ඛෙත්තාරම ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛන්‍රීපාල සිරිසේන මහතා... මේ රටේ රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 12ක් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙනවා අලුත් ආණ්ඩුවක් තුළින් අළුත් වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාම. ඒ වගේම අපිට තියෙන තවත් ප්‍රධාන ගැටළුවක් තමයි මත්ද්‍රව්‍ය. මේ මත්ද්‍රව්‍ය දරුවන් වගේම රටේ මිනිසුන් විනාශ කරනවා. ආණ්ඩුව මත්ද්‍රව්‍ය මර්දනය සදහා එදා මමගෙන ගිය වැඩපිළිවෙලත් ඊට තවත් අලුත් දේවල් අලුත් වැඩපිළිවෙලවල් සමග ඒ දේවල් ශක්තිමත් කරයි කියලා මම විශ්වාස කරනවා.
 

More News..