brand logo

රට ඇරිය පසුත් මුඛ ආවරණ අනිවාර්යයි

26 May 2020

කොවිඩ් - 19 වෛරසය තවමත් සමාජයෙන් තුරන් වී නොමැති බැවින් තවදුරටත් ජනතාව මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ පලඳින ආවරණය ප්‍රමිතියෙන් යුතු එකක් විය යුතු බවත් ප්‍රමිතියෙන් තොර වුවහොත් එය පැලඳීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවත්ය. එමෙන්ම පාසල් සිසුන්ට මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර පාසල් ආරම්භ වීමට පෙර දැනුම් දෙන බවද වෛද්‍යවරයා සඳහන් කරයි. එ​මෙන්ම වැඩි අවදානමක් පැවැති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද (26දා) සිට ලිහිල් වීමත් සමග සෑම විටම අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් නගරවලට පැමිණෙන ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය. චාමර පල්ලේගෙදර
 

More News..