brand logo

රට ඇරියත් පරිස්සමෙන්

15 September 2021

අපි තවමත් රතු කලාපයේ

තවමත් රට කොවිඩ් වයිරසය ව්‍යාප්තවීමේ අවදානම් තත්ත්වයේ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න සඳහන් කළාය. ඇය ප්‍රකාශ කළේ මේ වන විටත් දෛනිකව දෙදහසකට වඩා ආසාදිතයන් හඳුනාගන්නා අතර සමාජයේ තවත් ආසාදිතයන් හයදහසක් පමණ දෛනිකව වාර්තා විය හැකි බවය. එසේම දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව එකසිය පනහට වඩා වැඩි බවද එය සතුටුදායක මට්ටමක් නොන බවද විශේෂඥ වෛද්‍යවරිය කියයි. මෙවැනි කාරණා සලකා බැලීමේ දී රට තවදුරටත් රතු කලායේ ඇති බවත් අවදානම් තත්ත්වයෙන් මිදී ඇති බව කිසිසේත් ප්‍රකාශ කළ නොහැකි බවත් ඇය සඳහන් කළාය. එම නිසා රට විවෘත කළද සියලුදෙනාම තවත් කොවිඩ් රැල්ලක් ඒමට නොදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින් කටයුතු කළ යුතු බව ඇය සඳහන් කරන්නීය. වරුණි පෙරමුණ
 

More News..