brand logo

රට අරින්න යැයි ඉල්ලා සාසාන රතන හිමි මහ පාරේ ඉඳගනියි

14 June 2021

වහනවා නම් හරියට වහන්න නැත්තං මේ පිස්සුව නවත්තලා රට අරින්න යැයි ජනාධිපතිට දන්වයි

‘කඩ අරිනවානම්, සල්ලි ගනු දෙනු වෙනවානම් මෙහෙම වහලා වැඩක් නැහැ. රට වහනවා නම් හරියට වහන්න නැතිනම් බොරු නොකර රටම අරින්න‘‘ යනුවෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් අද(14) දඹුල්ල නරග මධ්‍යයේ භික්ෂූන් වහන්සේ නමක උද්ඝෝෂණයක නිරත විය. [caption id="attachment_151352" align="alignnone" width="486"] රට අරින්න යැයි ඉල්ලා සාසාන රතන හිමි මහ පාරේ ඉඳගනියි[/caption] දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානය අසල A9 මාර්ගයේ මැද වාඩිවී මෙලෙස උද්ඝෝෂණයේ යෙදුනේ දිඹුලාගල ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන මාතලේ සාසාන රතන නම් හිමි නමකි.

උන් වහන්සේ පාර මැද අසුන් ගෙන ‘‘රට අරින්න‘‘ යැයි කෑමොර දෙමින් ඉල්ලිම් කළහ.

[caption id="attachment_151351" align="alignnone" width="517"] නගරාධිපතිවරයා පැමිණ කතා කරයි[/caption]
දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ හිමි නම ඉවත් කිරිමට උත්සහ කළද ඵලක් නොවීය. අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා පැමිණ හිමි නමගෙන් කරුණු විමසා ජනපති කාර්යාලයේ නිලධාරියකු සම්බන්ධ කරන්න යැයි නගර සභාවට කැඳවාගෙන ගියේය. පසුව දුරකතන මාර්ගයෙන් ලේකම්වරයකුට කතා කිරිමේ අවස්ථාව ලබා දි තිබුණි. [caption id="attachment_151350" align="alignnone" width="550"] ජනාධිපතිකාර්යාලයට දුරකථන ඇමතුමක්[/caption] [caption id="attachment_151353" align="alignnone" width="548"] කට උත්තරයක් ලියා ගන්න පොලිසියට[/caption] අනතුරුව කට උත්තරයක් ලියා ගැනීම සඳහා හිමි නම පොලිසියට කැඳවාගෙන යනු දක්නට ලැබුණි. මහින්ද උදයසිරි රත්නායක - දඹුල්ල
 

More News..