brand logo

රටේ විශේෂ තත්ත්ව මුස්ලිම් චාරිත්‍රවලට අදාල නැති බව සිංහලයෝ තේරුම් ගන්න ඕනලු

13 November 2020

මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීම තමන්ගේ අයිතියක් බවත් රටේ විශේෂ තත්ත්වයක් තිබීම මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් නැති කිරීමට හේතුවක් නොවන බවත් භූමිදානය පිළිබඳව සොයා බැලීමට පත්කළ අමාත්‍යංශ අනුකමිටුව තමන් පිළිගන්නේ නැති බවත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මවුලවි මරීනා රිෆායි කියයි. ඕ මේ බව කියා ඇත්තේ යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි. මේ වන විට මේ මතය වේගයෙන් ජනගත වෙමින් ඇත. ලොව කිසිම තැනක මළ මිනියකින් වෛරසය ජලයට එකතු වන බව ඔප්පු කර නැති බව පවසන ඇය භූමි දානය කිරීමට ඉඩ නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පළිගැනීමක් බවත් සිංහල ජනතාව මේ තත්ත්වය තේරුම් ගත යුතු බවත් කියයි. දේහයන් ආදාහනය කිරීම සදහා සුදුසු භූමියක් බලන්නැයි ජනපතිවරයා ජමේතුල්ලා උලමා සංවිධානයට පැවසූ බව එහි සභාපති රිස්නු මුද්ධි මවුලවිතුමා තමාට පැවසූ බවද විශේෂඥ වෛද්‍යවරිය අදාල විඩියෝවේ වැඩි දුරටත් සඳහාන් කරයි.   සබැඳි පුවත් - කොරෝනා මරණ අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතු බව ඉන්දීය විශේෂඥයෙක් කියයි http://www.aruna.lk/කොරෝනා-මරණ-අනිවාර්යයෙන්ම/ කොරොනාවෙන් මැරිලා දවස් 27කට පස්සේ මළ සිරුරට වෙච්ච දේ http://www.aruna.lk/කොරොනාවෙන්-මැරිලා-දවස්-27/?fbclid=IwAR2E_dRO20mKaXK_v5gm1y1psTBOdJd-16VoIUeTsZOKa7Zi3htoQqiFezc
 

More News..