brand logo

රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වය ද තහවුරු කළා - ජනපති

05 September 2019

අධිකරණ ක්ෂේත‍්‍රයට දේශපාලන බලපෑම් සහ ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණ ගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේ දී තමා රට තුළ ගොඩනගා දුන් බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (05) පෙරවරුවේ එක් වෙමිනි. නව අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විත අතර ඒ සදහා රුපියල් මිලියන 327ක් වැය කර තිබේ. මහාධිකරණයක්, දිසා අධිකරණයක්, මහේස්ත‍්‍රාත් අධිකරණයක්, අනෙකුත් කාර්යාල පහසුකම් ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විත ව මෙම අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙන අතර එහි ඉදිකිරීම් සදහා 2017 පෙබරවාරි 25 වන දින ජනාධිපතිවරයා අතින් මුල් ගල් තැබිණි. සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. අනතුරු ව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ව්වේචන සහ අපවාද කොතෙක් එල්ල වුව ද තමා අද රට තුළ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු කර තිබෙන බවයි. විධායක ජනාධිපති ධූරය ආරම්භ වූ දා සිටම මේ රටේ සිටි සෑම ජනාධිපතිවරයෙකුට ම අධිකරණයට බලපෑම් කිරීම සහ ඇගිලි ගැසීම පිළිබද චෝදනා එල්ලවී ඇති අතර තම පාලන කාලය තුළ එවන් කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති බව පැවසු ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබද තමා නිහතමානීව සතුටු වන අතර එය මෙරට අධිකරණ ක්ෂේත‍්‍රය මෙන්ම රටේ ජනතාව ද ලැබූ විශිෂ්ඨ වරප‍්‍රසාදයක් ලෙස සලකන බවයි. ඇමතිනි තලතා අතුකෝරල, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතු`ථ මහජන නියෝජිතයන් රැසක් ද, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
 

More News..