brand logo

රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ - මුතුහෙට්ටිගම කියයි

12 February 2020

එක්සත් ජාතික පක්ෂයවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයවත් නොව රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ යැයි ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද(12) ගාල්ලේදි පැවසීය. ගාල්ල මහා වීදියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව කීය. මුතුහෙට්ටිගම මහතා මෙසේද කීවේය. පොදු ජන පෙරමුණට ජනාධිපති කෙනෙක් හදන්න කැපවුනේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වීම ඇතිව. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැති වෙන්න සහාය නොදෙන්න ඒකාබද්ධ නොවෙන්න ඔය ප්‍රතිඵලය අපට ලැබෙන්නේ නැහැ. දැන් අවබෝධතා ගිවිසුම් අත්සන් කලා. පක්ෂය හැටියට ජනාධිපති අපේක්ෂකයා හැටියට ඒ අත්සන් කරපු අවබෝධතා ගිවිසුම් වල තිබෙන ඒවා තමයි දැන් ක්‍රියාත්මක කරන්න හදන්නේ. 51%ක් ඉල්ලුවා පොදු ජන පෙරමුණ අපි එකගවුණා 31% ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ලැබුණා. අපි එකග වුණා. 19%ක් අනෙකුත් පක්ෂවලට ඉදිරිපත් කළා. අපි ඒකටත් එකග වුණා. 2009 පළාත් සභාවට පැරෂූට් කාරයෝ ගෙනත් දැම්මා මෙහෙට. අනර්කලීලා සජින් වාස්ලා අද කොහේද ඉන්නේ කියලා මං අහනවා අපේ පක්ෂ නායකයින්ගෙන්. අම්බලන්ගොඩට උඩින් පහත් වුණ සජින් වාස් එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේ දැන් කතා කරනවා අපිට විරුද්ධව. මහින්ද මහත්තයට ගෝඨාභය මහත්තයට විරුද්ධව. මේ සැරේ දැනට පොත් බෙදනවා හාල් බෙදනවා තව බඩු මලු බෙදනවා. වැඩේ පටන් අරන් තිබෙන්නේ. ගම් වල දේශපාලනය කරපු දේශපාලකයෝ මේක එක්ක ගැටෙනවා. මගේ නම් කිසිම ගැටීමක් නැහැ. කවුරු දැම්මත් මං කැමතියි. මොකද ගාල්ලට දාන්න පුළුවන් 13යි. දැනට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එකම මන්ත්‍රිවරයාත් මම.මගේ අවස්ථාව මට දුන්නම මං දිනාගන්න වැඩේ මං කරගන්නම්. මට ඒකට ඉහළිනුත් එපා. පහළිනුත් එපා. ජනතාවගේ කරපිටින් යන්න මම ලෑස්තියි. ඒනිසා මොන අභියෝගය ආවත් මැතිවරණයට මුහුණ දෙනවා.   යු.එම් තිලකරත්න රවීන්ද්‍ර චනද්‍රලාල්
 

More News..