brand logo

රටේ ජනතාව අවධානම් තත්ත්වයක

27 January 2022

කොවිඩ් ආසාදිතයින් 90%කටම ඔමික්‍රොන්

මෙරටින් මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් අතුරින් සියයට 90 ක් ම ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාදිතයන් බවට රසායනාගාර වාර්තාවලින් හෙළිවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙතෙක් එන්නත් නොගත් ජනතාව හැකි ඉක්මණින් ඒ සඳහා කටයුතු කළ යුතු බවයි. මේ වන විට මෙරටින් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව නිවැරදිව එකතු කළවිට 2500ක් පමණ වාර්තා වන බව ඔහු පෙන්වා දෙයි. මෙලෙස රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවීම ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වනු ඇති බවට පෙරමග ලකුණු පහළ වී ඇති බව උපුල් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන්ම සියලුම බලධාරීන්, මහජනතාව තේරුම් ගත යුතුයි අපි ඉන්න බැරෑරුම් තත්ත්වය සහ අවධානම් තත්ත්වය. මේ තත්ත්වය තවදුරටත් දිගින් දිගටම වාර්තා වෙන්න ගත්තොත් දැනට අපේ තියෙන මරණ සංඛ්‍යාවේ අඩුවීමත් ඉදිරියේදී මීට වැඩිය කාලයක් අපිට පවත්වාගෙන යන්න බැරිවෙයි. විශාල වශයෙන් මරණ සංඛ්‍යාවත් ඉහළ යන්න පුළුවන්. සෞඛ්‍ය පද්ධතියේ දරාගැනීමේ අඩුවීමත් එක්කම.

රෝගීන් සංඛ්‍යාව අසීමිත ලෙස ඉහළ ගියොත්, මරණ සංඛ්‍යාවත් ඉදිරියේදී විශාල වශයෙන් ඉහළ යාමේ ඉඩකඩ තියෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ඉදිරියේදී විශාල වශයෙන් රෝගීන් වාර්තාවීම සහ රෝගය පැතිරීම සිදුවෙනවා.

 

More News..