brand logo

රටේ කෝටි ගණන් මුදල් පිටට අදින ජාවාරමක් නයිජීරියානුවෝ 45ක් දැලේ

08 December 2018

පරිගණක මගින් සිදු කරන මූල්‍ය ජාවාරම් නිසා මෙරට ඩොලර් සංචිතයට විශාල බලපෑමක් එල්ල වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. එම ඒකකයේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මේ වර්ෂය තුළ ලැබී ඇති පැමිණිලි හා තොරතුරු අනුව රුපියල් කෝටි පන්සියකට ආසන්න මුදල් ප්‍රමාණයක් පරිගණක මගින් වංචාකර රටින් පිටමන් කර තිබේ. පසුගිය නොවැම්බර් 9 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීව හුල් ඇතුළු පාර්ශ්ව 13ක් පෙත්සම් ඉදිරිපත් කළේය. ෆේස්බුක් හරහා සිදුකරන ජාවාරමක ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇත්තේ නයිජීරියානු ජාතිකයින් බව වාර්තා වේ. මේ සඳහා මෙරට පුද්ගලයින්ද නොමග යවමින් අදාළ ජාවාරමට සහාය ලබාගන්නා බව වාර්තා වේ. සංචාරක වීසා මත ව්‍යාපාර ආරම්භ කිරීමට බව හඟවා පැමිණෙන නයිජීරියානු ජාතිකයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල් බැංකු මගින් විදේශයන්වල පිහිටි ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මාරු කරගනියි. එසේ විදේශ රටවලට ඩොලර් මගින් මාරුවීම නිසා අඩුවන්නේ සංචිතවලින් බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. ගෙවුණු මාස කිහිපයේ පමණක් එසේ ජාවාරම්වල නිරත වූ නයිජීරියානු ජාතිකයින් 45 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.
 

More News..